රියදුරු බලපත්‍රය අලුත් වෙයි - නව බලපත්‍රයට QR

Sri Lanka Driving Licence
By Sewvandhi Sep 04, 2022 04:02 PM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එහිදී නව රියදුරු බලපත්‍රයක් හදුන්වා දී තිබෙන අතර ඒ සදහා QR කේතයක් භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.ඊට අදාළ යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී වාර්තා වනවා.

මෙරට තුළ පුද්ගලයන් ලක්ෂ 50කට ආසන්න පිරිසක් රියදුරු බලපත්‍ර ලබාගෙන සිටින අතර ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කිරීම ගැටලුවක් වී ඇත්තේ ඊට අවශ්‍ය කාඩ්පත් ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය හිඟතාවයක් පැවතීමයි.

ඒ හේතුවෙන් ලක්ෂ දහයකට පමණ ප්‍රමාණයක් නව රියදුරු බලපත්‍ර මුද්‍රණය කර ගැනීමට නොහැකි වී තිබේ. නව කාඩ්පත් ක්‍රමය හරහා එම වියදම හරි අඩකින් අඩු කර ගැනීමට හැකියාව ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now