රියදුරු බලපත්‍රය නිකුත් කිරීම අලුත් ක්‍රමයකට..වැඩේ වෙන්නෙ මෙහෙමයි.
Sri Lanka
Driving Licence
By Aruna
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සදහා Dmerit ක්‍රමය හදුන්වා දීම කඩිනම් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡාවක් සිදුව ඇත.
රියදුරු බලපත්‍ර මුද්‍රණය සදහා අවශ්‍ය කාර්ඩ් පත් නොමැති වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පසුගිය කාලය තුළ නැවතී තිබුනු අතර මේ වන විට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කාර්ඩ් පත් ලැබී තිබේ.
එබැවින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කඩිනමින් සිදු කිරිමටත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල online තාක්ෂණය හා සම්බන්ධ කිරීමටත් ලිඛිත පරික්ෂණ පැවැත්වීමට ද මාර්ග ගත ක්‍රම වේදය ඔස්සේ පැවැත් වීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |