අමුද්‍රව්‍ය දෙකකින් හදන්න පුළුවන් රසම රස Donut Recipe එකක්.

Sri lanka Food Recipes
By Wayomi Jun 12, 2022 12:01 PM GMT
Report

මේ නිවාඩු දවස් දෙක ගෙදර ඉන්න ගමන් පොඩ්ඩන්ටයි..ලොක්කෝන්ටයි දෙගොල්ලන්ට ආසාවෙන් රස බලන්න පුළුවන් Donut Balls හදමු. වැඩි වියදමක් යන්නේ නැහැ. අමුද්‍රව්‍ය දෙකයි ඕන

අවශ්‍ය ද්‍රව්‍ය

- පාන්පිටි කෝප්ප 1

- යෝගට් කෝප්ප 1/2  

සාදාගන්න ආකාරය

- පාන්පිටි වලට යෝගට් දාලා හොඳට කලවම් කරගන්න.

- ඩෝ එක හොඳට අනලා තරමක බෝල හදාගන්න.

- දැන් ගැඹුරුතෙලේ බැදගන්න. - කැමති නම් උඩින් අයිසින් ශුගර් ටිකක් ඉහලා කන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW