නිල් චිත්‍රපට නිළියක සමග කළ ගනුදෙනුවකට ට්‍රම්ප්ට මාංචු?..

Donald Trump
By krishani Mar 19, 2023 02:37 AM GMT
krishani

krishani

in ලෝකය
Report

හිටපු අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා බවට අපේක්ෂා කරන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහුගේ සමාජ මාධ්‍යවල සටහනක් තබමින් එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.

මාධ්‍ය වාර්තා වලට සහ හිටපු ජනාධිපතිවරයා ලබාදෙන ප්‍රකාශය මත පදනම්ව ඔහුට අධිචෝදනා ගොනු කළ හැකි බව ඔහුගේ නීතීඥයෙකු පවසා ඇත.

එසේ අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවන පළමු අපරාධ නඩුව වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 ජනාධිපතිවරණයට පෙර හිටපු අසභ්‍ය චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ට්‍රම්ප් මුදල් ගෙවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිව්යෝර්ක් හි අධිකරණ නිලධාරීන් වසර පහක් තිස්සේ විමර්ශනය කරමින් සිටින බව ය.

2016 මැතිවරණයට පෙර ට්‍රම්ප්ගේ හිටපු නීතිවේදී මයිකල් කොහෙන් විසින් ඇයට ඩොලර් 130,000 ගෙවා පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් නිහඬ වන ලෙස දන්වා ඇති බව ස්ටෝමි ඩැනියෙල්ස් පවසයි.

සිය සමාජ ජාල වෙබ් අඩවිය වන Truth Social’හි ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ Manhattan දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් ලැබුණු ආරංචි මාර්ගවලට අනුව අඟහරුවාදා ඔහුව අත්අඩංගුවට ගන්නා බවට පෙනීයන බව ය.

දිස්ත්‍රික් නීතීඥ කාර්යාලය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති අතර ට්‍රම්ප් මහතාගේ නීතීඥ සුසාන් නෙචෙල්ස් සඳහන් කළේ මෙය දේශපාලන නඩු පැවරීමක් බැවින්, දිස්ත්‍රික් නීතිපති කාර්යාලය සාමාන්‍ය නඩුවකදී සිදු කරන ආකාරයට ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිඥයින් සමඟ සන්නිවේදනය කරනවාට වඩා සියල්ල පුවත්පත්වලට ලබාදෙන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.