“ශිරන්ති රාජපක්ෂගේ ජීවිතය සමඟ සෙල්ලම් කරන්න එපා” - නීතිඥ මනෝජ් ගමගේ

SLPP Shiranthi Rajapaksa Latest Headlines
By R.rishma Oct 15, 2026 09:20 AM GMT
Report

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කළ යුතු බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

අද (15) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පළිගැනීමක් ලෙස තමන් දකින බව පැවසූ ඔහු, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කළේය.

ඇය ව්‍යාජ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවා නොහරින ලෙස වගකිවයුතු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටි මනෝජ් ගමගේ මහතා, අධිකරණ නියෝග මත ලබාගත් වෛද්‍ය වාර්තාවලට අනුව ඇයට හදිසි හෘද සැත්කමක් සිදු කිරීමට නිර්දේශ කර ඇති බව ද ප්‍රකාශ කළේය.

වෛද්‍ය වාර්තා අභියෝගයට ලක් කිරීම රෝගියාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව පෙන්වා දුන් ඔහු, රජය මිනිස් ජීවිත සමඟ සෙල්ලම් නොකළ යුතු බව ද අවධාරණය කළේය.