ආණ්ඩුවේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි (විදෙස්)

By Sewvandhi Apr 21, 2023 11:00 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

අද (21) බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිරිහැර කළ බවට ඔහුට එරෙහිව වූ චෝදනාවකට පැවති ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුව ඔහු එම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. සිය තීනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත රාබ් ලිපියක් යොමුකර තිබෙන අතර එය සිය ට්විටර් ගිණුමෙහි ඔහු දක්වා තිබුණි.

එහි ඔහු සඳහන් කර ඇත්තේ තමාට එරෙහි පරීක්ෂණය භයානක පූර්වාදර්ශයක් බවය. එහෙත් තමා රජයට සහාය දක්වන බව ඔහු පවසයි.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now