අද ඉඳලා නගරෙට ගෑස්, ගමට දර - කතාවෙ ඇත්ත නැත්ත මෙන්න..
Sri Lanka Economic Crisis
Sri Lanka
Litro Gas
Litro Gas Price
By krishani
රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එනතුරු ගෘහස්ත ගෑස් සැපයීම නගර සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකරන අතර ඉදිරියේදී ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසීය.
දෛනික LPG සැපයුම සිලින්ඩර 80,000 ක් විය. එම තීරණයත් සමඟ ගෑස් සැපයුම 30,000 දක්වා අඩු වී ඇති බවද ඔහු පැවසීය.
ඔහු කියා සිටියේ පාරිභෝගිකයින්ගෙන් 27% ක් පමණක් ගෑස් භාවිතා කරන බවයි.
පවතින තත්ත්වය සලකා බලන විට රටේ ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා මසකට ඩොලර් මිලියන 30ක් අවශ්‍ය වන බවද වාර්තා වේ.