ලංකාවට යළිත් සුබයි.. අද සටහන් වූ ඩොලරයේ සුපිරි අගය මෙන්න.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Sithumini Aug 16, 2024 10:39 AM GMT
Report

පසුගිය කාලය පුරාම ඩොලරය සාපේක්ෂව ඉහළ පහළ යෑම දැවැන්ත ලෙස මරට තුළ සිදුවුණා.

එහිදි විශේෂයෙන්ම ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වීම මත මෙරට ගැටලු ගණනාවකට උත්සුක වුණා.

එවැනි පසුබිමක අද ඩොලරයේ අගය වාර්තාගත ලෙස සුබදායි අගයක් ගෙන තිබීම දක්නට ලැබුණා.

එහිදී ඊයේ දිනට සාපේක්ෂව අද (අගෝස්තු 16) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 293.75ක් වන අතර විකුණුම් මිල රු. 302.75, පිළිවෙලින් දැකගත හැකිවුණා.

NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය සහ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාත රු. 295.30 සිට රු. 294.90 ක් සහ රු. 303.30 සිට රු. 302.90, පිළිවෙලින් ඉහත අයුරින් සටහන් වුණා.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 293.26 සිට රු. 292.97 ක් සහ රු. 303.78 සිට රු. 303.48, පිළිවෙලින්.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 293.46 සිට රු. 292.97 ක් සහ රු. 303.25 සිට රු. 302.75, පිළිවෙලින්.

එමෙන්ම සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.50 සිට රු. 294.25 ක් සහ රු. 303.50 සිට රු. 303.25, පිළිවෙලින්.

මේ ආකරයෙන් වාර්තා වූ අගයන් අනුව මෙරට තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල සුබදායි ලෙස වෙනස් වී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි වනවා.