ඩොලරය යළි ඉහළට - වසරේ මේ දක්වා රුපියල 8%කින් අවප්‍රමාණය වෙයි

Central Bank of Sri Lanka Sri Lankan rupee Economy of Sri Lanka CBSL Sinhala news
By R.rishma Jul 01, 2026 08:43 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 ජූනි 26 වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වසරේ මේ දක්වා 8.0%කින් අවප්‍රමාණය වී තිබේ.

මහ බැංකුව ප්‍රකාශ කළ විනිමය අනුපාතිකයන්ට අනුව, ජූනි 26 දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 332.22ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.88ක් ලෙසත් සටහන් වී ඇත.

එම දත්ත අනුව, ඩොලරයේ සාමාන්‍ය විනිමය අනුපාතිකය රුපියල් 337.05ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

මෙය, පසුගිය වසරේ වාර්තා වූ රුපියල් 300.04ක සාමාන්‍ය විනිමය අනුපාතිකය සමඟ සසඳන විට සැලකිය යුතු ඉහළ යාමක් ලෙසද වාර්තා වේ.