ඩොලරය 200ට බස්සන්න යයි..භාණ්ඩ මිල ගණන් විශාල ලෙස පහල යන බවට දැනුම්දීමක්..

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars
By Aruna Apr 07, 2024 07:44 AM GMT
Report

ජූලි මාසය පමණ වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 200-250 පරාසයක පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ද ඊට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වන්නේ.

රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමත් සමග පසුගිය වසරේදී ඇමරිකානු ඩොලරයක් රුපියල් 380 දක්වා ඉහළ ගියද මේ වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 295ක් පමණ දක්වා පහත වැටී තිබේ.

ඩොලරයක් රුපියල් 200ට වඩා අඩු කළහොත් ආනයන අපනයනට බලපෑමක් එල්ලවන නිසා එය 200-250 අතර සීමාවේ පවත්වාගෙන යාමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය මත ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් විශාල ලෙස පහල යාමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.