ආණ්ඩුව පෙරළෙයිද.. ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් හවුල් පක්ෂ කරන්න යන දේ.

Wimal weerawansha srilankan politics
By Sithumi Feb 26, 2022 03:01 PM GMT
Report

ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ලබන 02 වැනිදා කොළඹ දී එළි දැක්වේ .

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන්ගේ සහභාගීත්වයෙන් මාදිවල මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී මෙම යෝජනාවලිය එළි දැක්වෙනු ඇත . 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය, ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් එක්ව මෙම යෝජනාවලිය සකස් කර ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now