බලු සුරතලාට වැඩියෙන් කන්න දුන් හිමිකාරිය හිරේ දාලා.
                                    
                    Dog Training
                
                                                
                    New Zealand
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    කාන්තාවකට නවසීලන්ත අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ දී මියයෑමත්, හේතුවෙන්.
මියයද්දී, නුගායි නමැති මෙම බලු සුරතලාගේ බර කිලෝ 53 ක් බව ද වාර්තා වෙනවා.
නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූයේ සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයයි.
සිර දඬුවමට අමතරව, හිමිකාරිනායට නවසීලන්ත ඩොලර් 720 ක දඬ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් තහනමක් ද පනවා ඇත.