මත්ද්‍රව්‍ය ගැන තොරතුරක් තියෙනවාද? 1818 අමතන්න

Sri Lanka Police Law and Order Drugs Latest Headlines Sinhala news
By R.rishma Sep 30, 2026 11:46 AM GMT
Report

රටේ ඕනෑම ප්‍රදේශයක සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, අලෙවිය හෝ ඒ ආශ්‍රිත සැකකටයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට 1818 හදිසි දුරකථන අංකය ඇමතිය හැකි බව දැනුම් දී තිබේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබාගැනීම සඳහා මෙම දුරකථන සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රට පුරා එක්ව” ජාතික වැඩසටහන යටතේ මෙම දුරකථන සේවාව හඳුන්වා දී ඇත.

එම සේවාව වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ පෞද්ගලික තොරතුරු සම්පූර්ණයෙන්ම රහසිගතව තබා ගන්නා බවද දැනුම් දී තිබේ. 

මහජනතාවගෙන් ලැබෙන තොරතුරු මත කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවද සඳහන් වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක “රට පුරා එක්ව” ජාතික ක්‍රියාකාරී කවුන්සිලයේ සෘජු අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්, අලෙවිය හෝ ඒ ආශ්‍රිත සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඇත්නම්, ඕනෑම වේලාවක 1818 අමතා ආරක්ෂිතව එම තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.