ගුවන් ගමන් සඳහා බාධාවක්..

United Kingdom
By krishani Aug 28, 2023 04:21 PM GMT
krishani

krishani

in ලෝකය
Report

එක්සත් රාජධානියේ ගුවන් ගමන් සඳහා බාධා ඇතිවිය හැකි බවට එරට මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ය.

එරට ගුවන් ගමන් පාලන ක්‍රමවේදය සඳහා තාක්ෂණික ගැටලුවක් මතු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බව එරට ගුවන් පාලන බලධාරීන් සඳහන් කළේ ය.

එම තත්ත්වය මත ඔවුන් මුහුණදෙන තාක්ෂණික ගැටලුව හේතුවෙන් ගුවන් ගමන් සඳහා යම් යම් ආරක්ෂක ක්‍රමවේද හඳුන්වා දී ඇති බව බ්‍රිතාන්‍ය ජාතික ගුවන් ගමන් සේවය කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් එම සේවය පැවසුවේ ඒ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවයි.