ව්‍යාපාරික ෂාෆ්ටර්ගෙ දේහයට පොලිස් ආරක්ෂාව..!
Sri Lanka Police
Sri Lanka
Businessman
By Sewvandhi
පොලීසිය ප්‍රකාශ කළේ, මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩගැනීමට අවශ්‍ය කටයුතු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මැයි මස 25 වනදින දේහය ගොඩගැනීමට නියමිත බවය.
ඒ අනුව මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය මිහිදන් කරන තිබෙන ස්ථානයට බොරැල්ල පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මහෙස්ත්‍රාත්වරයාගේ සහ වෙනත් විශේෂඥයින්ගේ මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිරුර ගොඩගැනීමට නියමිත බව ද නිහාල් තල්දුව මහතා කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |