ෂාෆ්ටර් ඝාතනය ගැන පොලීසියෙන් ප්‍රකාශයක්..!

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 23, 2022 11:07 AM GMT
Report

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් නොකඩවා පොලිස් පරීක්ෂණ සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අද (23) කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිහාල් තල්දූව මහතා පැවසුවේ අභිරහස් ලෙස සිදුවු ඝාතනයක් හේතුවෙන් නිවැරදි සැකකරු සොයාගැනීම සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේදී ද ප්‍රකාශ 58ක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශ අනුව ද පරීක්ෂණ කටයුතු සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now