පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන අගමැතිගෙන් දැනුම්දීමක්..

Ministry of Education Parliament of Sri Lanka Dinesh Gunawardena Sajith Premadasa Education
By Aruna Jun 23, 2023 07:22 AM GMT
Report

රජයේ විශ්වවිද්‍යාලයන්හි පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාල වලත් උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොළී රහිත ණය යෝජනා ක්‍රමයේ පහසුකම සලසා දීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි.

උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොළී රහිත ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නිකුත් වී නොමැති බව පවසමින්, අදාළ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේදීය.