පාර්ලිමේන්තු සභා ගැබ මැද ඉඳගෙන, විරෝධය පෑ දීලීප් වෙදාරච්චි..(PHOTOS)

Dilip Wedaarachchi Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Nov 21, 2022 09:40 AM GMT
Report

ධීවරයන් මුහුණ දී සිටින ප්‍රශ්නවලට අයවැයෙන් විසඳුම් නැතැයි කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා අද (21)පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ බිම වාඩිවී විරෝධය පළ කළේය.

2023 අය-වැය විවාදයේ සිය කතාව කිරීමෙන් අනතුරුව සභා ගැබ මැදට පැමිණි දිලිප් වෙදාරච්චි මහතා මෙලෙස බිම ඉඳ ගත්තේය. බහු දින යාත්‍රා දින ගණන් මුහුදේ ගිහින් මාළු අල්ලාගෙන එන බවත් ඔවුන්ට නියමිත මිලක් නොලැබෙන අතර 21වැනිදාට යෙදෙන ජාතික ධීවර දිනයේ දී ධීවරයා අනාථ වී ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

විදෙස් නැව් පැමිණ ලංකා මුහුදු සීමාවේ මාළු කොල්ලකාගෙන යන බවද චීනයේ සිට හොර රහසේ ලින්නා මාළු ලංකාවට ගෙන්වීම නිසා ලංකාවේ ධීවරයන් අල්ලන මාළු විකුණා ගන්නට නොහැකි වී තිබෙන බවද වෙද ආරච්චි මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද දැනුවත් කොට ජනාධිපතිවරයා ද දැනුවත් කළ බව කී දිලිප් වෙදාරච්චි මහතා ධීවර අමාත්‍යවරයා ද අදාළ කාරණය පිළිගත් බව සඳහන් කළේය.

අනතුරුව සිය පාර්ලිමේන්තු කතාව අවසන් කළ වෙදාරච්චි මහතා පාර්ලිමේන්තුව අවසන් වනතුරු සභා ගැබ මැද උපවාස කරන බව කියමින් මැදට පැමිණි එහි බිම ඉඳ ගත්තේය.

එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා වෙදාරච්චි මහතා ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අසුනට ගොස් වාඩි වෙන ලෙසයි.

විනාඩි 10 ක පමණ කාලයක් මහා ගර්භයේ මැද බිම ඉඳගෙන සිටි දිලිප් වෙදාරච්චි මහතා අනතුරුව සිය අසුනට ගියේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
,Join Now


GalleryGallery