ඩිජිටල් හැදුනුම්පත ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sri Lanka Cabinet
By Aruna Jul 14, 2023 02:15 AM GMT
Report

'DIGIECON 2030' වැඩසටහන ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරනවා.

ඒ ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින්.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බවයි.

කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළා.