ලබන සතියේ සිට භාණ්ඩ මිල පාලනයට රජයෙන් කරන්න යන වෙනස.
Government Of Sri Lanka
Sri Lankan Peoples
By Wayomi
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරිම සඳහා ඒවා ආනයනය කෙරෙන මිල සහ එකතු කළ බදු ප්‍රමාණය දෛනිකව ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.
ඔහු පවසන්නේ, ඒ අනුව ලබන සඳුදා සිට පාරිභෝගික සේවා අධිකාරිය මගින් අදාළ මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වී ඇත්තේ, ඩොලරයේ වටිනාකම රුපියල් 300ක මට්ටමට පහත බැස ඇති අතර එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම රේගුවේ පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වීමත් සමඟ උත්සව සමය සඳහා භාණ්ඩ හිගයකින් තොරව ලබාදීම සඳහා සියලු කටයුතු සූදානම් බව ද ඔහු පවසනවා.