අරක්කු මිල අඩු කරන්න - සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka Diana Gamage
By krishani Aug 22, 2023 01:46 PM GMT
Report

මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව පාඩු ලබමින් පවතින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළේ ය.

ඒ අද (22) පාර්ලිමේන්තුව අමතා සිටිමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ය.

මීට හේතු වී ඇත්තේ අදවන විට ඇල්කොහොල් මිල ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් මිනිසුන් ගල් අරක්කු නොබී සිය නිවෙස්වලදීම අරක්කු පෙරාගෙන පානය කරන තත්වක් උදා වී ඇති බව ඇය පැවසීය.

මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයට ද එය අහිතකරව බලපාන නිසා අරක්කු මිල අඩුකරන ලෙස තමා රජයට යෝජනා කරන බව ඇය අද පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.