ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම ගැන ලැබුණු උසාවි නියෝගය..

Sri Lanka Politician Sri Lanka Diana Gamage
By Sithumi Apr 06, 2023 11:46 AM GMT
Report

අද (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්, ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීරණය අප්‍රේල් මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට නියෝග කළේය.

 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකාර පාර්ශවය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now