ඩයනාට ලැබුණු විශේෂ අවසරය..

Sri Lanka Diana Gamage
By Sewvandhi Dec 15, 2022 07:12 AM GMT
Report

අද (15) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා හට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස නියෝග කළා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝගය කළේය.

ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට දෙසැම්බර් මස 21දා සිට 23දා දක්වාත් ඉන් පසුව 28 වනදා සිට දින තුනක කාලයක් විදේශගත වීමට අවශ්‍ය ව තිබෙන හෙයින් දැනට නිකුත් කර තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදුන්නේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now