රාජ්‍ය ඇමතිනී ඩයනා ගැන, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට විශේෂ ලිපියක්..

Sri Lanka King Charles III Diana Gamage
By Sewvandhi Nov 28, 2022 03:01 PM GMT
Report

සමාජ ක්‍රියාකාරීන් පිරිසක් දාන්නෙ චාල්ස් රජු වෙත ලිපියක් යොමු කරමින් රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍යයේ හා මෙරට නීතියට විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබේ.

එස්.එල් දේශය’ යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම ලිපිය යොමු කර ඇති අතර, ඔවුහු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත අද (28) ගොස් එම ලිපිය භාරදුන්හ. ඕෂල හේරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ඕෂල හේරත් මහතා මීට පෙර,ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩුවක් පවරා තිබුණා.

බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත මෙරටට පැමිණ, ව්‍යාජ හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පෙනී සිටිමින් රජයේ තනතුරු දැරීම සහ මැතිවරණවලට පෙනී සිටීම මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද පටහැනි බැවින් ඇය ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස තම ලිපිය මගින් චාල්ස් රජතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව සමාජ ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා පැවසීය. .

වීසා කාලය අවසන්ව ඇති ඩයනා ගමගේ මහත්මිය මේ වන විට මෙරට රැඳී සිටින්නේ ද නීති විරෝධීව බව ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Sri lanka