ඉන්දියාවේ, දියවැඩියාව ගැන සමීක්ෂණයකින් සොයාගත් දේ..
ඉන්දියාවේ ජනගහනයෙන් මිලියන 101 ක පිරිසක් දියවැඩියාවෙන් පෙළෙන බවට සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
එය එරට සෞඛ්‍ය සගරාවක් වන ලැන්සෙට් සගරාව මගින් සිදුකර ඇත.
කෙසේවෙතත්, සමස්ත ඉන්දීය ජනගහනයෙන් දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යව සියයට 11.4 ක ප්‍රතිශතයක් බව වාර්තා වේ.
මේ අතර, අද ලෝකයේ මෙන්ම අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු අතර දියවැඩියා රෝගය ප්‍රමුඛ ස්ථානයක් බවට පත් වී තිබෙනවා.
මෙහි තවත් භයානක පැතිකඩක් වශයෙන් තරුණ පරපුර විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබීම සහ ඒ බව නොදැන සිටීමයි.
මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම් මෙන්ම ආහාර රටාව නිසි ආකාරයෙන් පවත්වා නොගැනීම, නිසි අයුරින් ව්‍යායාම නොකිරීම, ක්ෂණික ආහාර වැඩි වශයෙන් භාවිතය, මානසික ආතතිය මෙම ප්‍රතිශතය වසරින් වසර වැඩි වීමට හේතු වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |