ධර්මසිරිගේ ගෝලයෝ තිදෙනෙක් අල්ලයි..!
පොලිස් විශේෂ කාර්යය බළකාය මගින්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධර්මසිරි නැමැත්තාගේ සහායකයින් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය හා තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්යය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස, ශ්‍රී ඥානේන්ද්‍ර මාවත ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වල දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩුවක් හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට යොදාගත් උපකරණ ද සැකකරුවන් සතුව තිබී සොයා ගත් බව විශේෂ කාර්යය බළකාය පැවසුවේය.
මොවුන් විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ අංජු යන අයගේ සමීපතමයෙකු වන ධර්මසිරි නැමැත්තාගේ සහායකයින් බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදුන් බව විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |