කිලෝමීටර 30ක විෂ්කම්භයක් ඇති විශාල වල්ගා තරුවක් බලන්න ලාංකිකයින්ට සුපිරි අවස්ථාවක්..බලන්න පුළුවන් දවස සහ වෙලාව මෙන්න..

Sri Lanka
By Aruna Apr 06, 2024 06:33 AM GMT
Report

වසර 71කට වරක් දිස්වන වල්ගා තරුවක් මේ දිනවල ශ්‍රී ලංකාවාසීන්ට පියවි ඇසින් දැකගැනීමට අවස්ථාව හිමිව තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා.

12 පී පොන්ස් බ්රූක්ස් ලෙස නම් කර මෙහි අසාමාන්‍ය අං දෙකක් වැනි ව්‍යුහය නිසා යක්ෂ ධූම කේතුව නැමති අන්වර්ථ නාමයෙන්ද හදුන්වා තිබීම විශේෂත්වයක්.

අප්‍රේල් 21 වනදාට පෘථිවිවාසීන්ට එහි උපරිම දීප්තිය දැකබලාගත හැකි අතර, එදිනට මෙය කිලෝමීටර මිලියන 240ක් දුරින් පිහිටන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා කියා සිටියේ, කිලෝමීටර 30ක පමණ විෂ්කම්භයකින් යුත් මෙම වල්ගා තරුව අනිද්දා සූර්යයා හිරු බැස ගිය පසු බටහිර අහසේ ක්‍ෂිතිජයට ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි බවයි .