බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Sri Lanka Police Cricket Sri Lanka Cricket Sri Lanka
By Gagana Nov 13, 2023 02:38 PM GMT
Report

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරක් පිළිබඳව මෙම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයෙන් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු 7 වැනි දින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් පෙති දේශබන්දු තෙන්නකෝන් මහතා හට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස තනතුරු පිරිනමා ඇති බවත් එම තනතුර 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි බදවා ගත් බවට තමාට ලිපියක් ලැබුන බව ලැබුණු බවද එම නිවේදනයේ සඳහන් වේ.

තවද එවකට මහජන ආරක්ෂක ලේකම්වරයාව සිටි මේජර් ජෙනරාල් ජගත් අල්විස් වෙත තමන්ගේ ලිපිය සම්බන්ධයෙන් දැනුවත් කර බවත් එම තනතුර බාර නොගන්නා ලෙසට ජගත් අල්විස් හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන්ට උපදෙස් ලබා දුන් බවත් මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේය.

එම කරුණු සියල්ල සලකා බැලීමෙන් තමන් තමන්ගේ තනතුර බාර නොගත් බවත් එම තනතුර බාර නොගන්නා බවට දන්වමින් 2021.11.05 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇති බව මෙම නිවේදනයේ සඳහන් වේ. අවසාන වශයෙන් ඔහු සදහන් කර සිටියේ සමාජ මාධ්‍යයෙහි පැතිර යන සියලු තොරතුරු සාවද්‍ය බවත් තමන් ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් හෝ මූල්‍ය කොටස ලබානොගත් බවත්ය.

Gallery