ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව පහළ බහින හේතු.

Dollar to Sri Lankan Rupee Sri Lanka Economic Crisis Sri Lanka Government Dollars
By Wayomi Jul 03, 2022 06:46 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව හොඳටම පහළ බැහැලා. ඇත්තටම ඇයි..ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් අවප්‍රමාණය වුණේ?

අනෙකුත් සෑම භාණ්ඩයක්..සේවාවක් වගේම ඩොලරය ද තීරණය වන්නේ ඉල්ලුම සැපයුම අනුවයි. මේ වන විට ඩොලරයේ ඉල්ලුම වැඩි වී තිබෙනවා සැපයුම අඩු වී තිබෙනවා .

ඩොලරයේ ඉල්ලුම වැඩිමට හේතු

💸 කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමත් සමඟම ආනයනික භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි වීම.

💸එලෙස වැඩි වූ ආනයන වියදම් හේතුවෙන් වැඩියෙන් ඩොලර් අවශ්‍ය වුණා.

💸ආනයන මිලදී ගනු ලැබුවේ මාස හයක ණය ක්‍රමයක් යටතේ වන අතර ඒ ණය ආපසු ගෙවීමට කාලය එළඹෙන විට ලංකාවට එම ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ඩොලර් තිබුණේ නැහැ.

💸 සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව අවුරුද්දකට ඩොලර් බිලියන 5 - 6 පමණ මුදලක් විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඒ වෙනුවෙන් ඩොලර් වෙන්කර තැබිය යුතු වෙනවා.

💸 වර්තමාන දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් මිනිස්සු කලබලයට පත්ව භාණ්ඩ මිලදී ගැනීමටත්, ඩොලර් ලඟ තබා ගැනීමටත් පටන් ගත් අතර ඒ හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වේයැයි ඔවුන් බය වුණා. ඉතින් ඒකෙන් ආරක්ෂා වීමට ගොඩක් අය ඩොලර් ලඟ තබාගෙන ඉන්නවා. එමගින්ඩො සිදු වන්නේ ඩොලර් සැපයුම තව තවත් අඩු වෙන එක. 


ඩොලර් සැපයුම තවත් අඩු වීමට හේතු

💸 අධි වසංගතය හා දේශපාලන අසහනයෙන් සංචාරකයන් තව දුරටත් ශ්‍රී ලංකාවට එන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ සිදුකර වියදම් දැන් සිදුවන්නේ නොවන අතර එමඟින් ශ්‍රී ලංකාවට අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් පමණ අහිමි වෙනවා.

💸 ශ්‍රී ලංකා මහ බැංකුවේ අනිවාර්යෙන් මුදල් පරිවර්තන නීතිය හේතුවෙන් තම ආදායම් ඩොලර් ලෙස තැන්පත් කර තබා ගන්නා අපනයනකරුවන්ට තමන් ඩොලර් වලින් 50%ක් අනිවාර්යයෙන්ම රුපියල් බවට පරිවර්තනය කර ගන්නට සිදු වෙනවා. එම හේතුව නිසා අපනයනකරුවන් තමන් සතු ඩොලර් රටට ගෙන ඒමට කැමති නැහැ.

💸 2020 සැප්තැම්බර් සිට 2021 මාර්තු දක්වා , ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල ඩොලරයට සාපේක්ෂ ව රු. 198 - රු.203 මට්ටමේ කෘතිමව රඳවා තබා ගත්තා. එමගින් ශ්‍රී ලාංකික විනිමය අනුපාතිකය සැබෑ වටිනාකම නිරූපනය වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, ගොඩක් ළඟ තබාගෙන සිටි ජනයා ඒවා රුපියල් බවට පරිවර්තනය කිරීමට මැළි වූ අතර ඒ හේතුවෙන් ඔවුන්ට ඩොලරයේ සැබෑ වටිනාකම නිරූපණය කරන මිලක් ලැබුණේ නැහැ.

💸 විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය අඩු වුණා. ඔවුන් මුදල් එව්වෙත් බැංකු හාරහා නෙවෙයි. උන්ඩියල් සහ හවාලා වැනි කළු සල්ලි ජාවාරම් හරහායි. හැබැයි ඔවුන්ට එමඟින් වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබුණා.

💸මේ අතර ලංකාවේ බිඳ වැටෙන ආර්ථික තත්වය හේතුවෙන් විදේශ ආයෝජකයින් තම මුදල් රටින් බැහැරට ගෙන ගියා.

💸 කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා රුපියල ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් විදේශ සංචිත ශ්‍රී ලංකා මහ බැංකු සතුව නැහැ .   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW