ලංකාව පුරා ඩෙංගු අවදානම රතු එළියක් පත්තු කරයි

Sri Lanka Dengue Prevalence in Sri Lanka Virus Latest Headlines Sinhala news
By R.rishma Aug 04, 2026 08:23 AM GMT
Report

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එම ඒකකයේ නවතම දත්ත අනුව, ඊයේ (03) වන විට රට පුරා ඩෙංගු රෝගීන් 86,947 දෙනෙකු වාර්තා වී තිබේ. අගෝස්තු මාසය තුළ පමණක් මේ වන විට ඩෙංගු රෝගීන් 1,598 දෙනෙකු හඳුනාගෙන ඇති බවද එම ඒකකය පෙන්වා දෙයි. 

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 21.24%ක ප්‍රතිශතයකි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,187ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,082ක් වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 62ක් වාර්තා වී ඇති අතර, එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 0.07%ක ප්‍රතිශතයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.