පාසල් කාලය තුළ පාසල් සිසුන්ට දිග ඇඳුම්..

Colombo Sri Lanka Dengue Prevalence in Sri Lanka
By krishani Jun 19, 2023 05:46 AM GMT
Report

දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීමට පාසල් කාලය තුළ දී අත් පා ආවරණය වන දිගු ඇඳුම් ඇඳීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුව විසින් ය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර මේ වසරේ ඩෙංගු රෝගීන් 44500කට වැඩි පිරිසක් මෙන්ම මරණ 27ක් වාර්තා වී තිබෙනවා.

එයින් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන්නේ.