මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළට
Dengue Prevalence in Sri Lanka
Death
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය මේ බව සඳහන් කළේය. ඒ අනුව මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034කි.
ජූලි මාසයේ පළමු දින 08 තුළ පමණක් රෝගීන් 9654ක් වාර්තාවී ඇත.
මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.