පොඩි දුව මංගල්ලෙට සූදානම් වෙද්දි , පියා බෙල්ල කපාගෙන දිවි තොරකර ගනියි..!
ගෙල කපාගෙන සියදිවි නසාගත් දෙදරු පියෙක් ගැන පුවතක් වාර්තා වනවා. එනම්,නිවෙසේ එළවළු කපන පිහියකින් ගෙල කපාගෙන සියදිවි හානි කර ගත් දෙදරු පියකු පිළිබඳව දෙහිඕවිට, දෙල්ඔළුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙසේ සියදිවි හානි කර ගෙන ඇත්තේ වයස අවුරුදු 63ක් වන අයෙකු බව දෙහිඕවිට පොලිසිය පවසන්නේ.
මෙම පුද්ගලයාගේ බිරිය කොළඹ නිවෙසක රැකියාවක නිරතව සිටින අතර, ඔහුට දියණියන් දෙදෙනකු සිට තිබෙනවා. එක් දියණියක් විවාහ වී ඇති අතර අනෙක් බාල දියණිය ලබන 16 වැනිදා විවාහ දිවියට එළැඹීමට නියමිතව තිබී ඇති අතර විවාහයට අවශ්‍ය වැඩ කටයුතු සංවිධානය කර ගැනීමට බාල දියණිය මාතර මනමාලයාගේ නිවසට ගොස් එහි සති දෙකක් රැඳී සිට තිබෙනවා.
ඉකුත් 05 වෙනිදා සවස් කාලයේදී නිවසට පැමිණෙන විට නිවෙසේ දොර ජනෙල් වසා දමා තිබීම හේතුවෙන් පසුව දැරණියගල සිය මිතුරියකගේ නිවසට ගොස් පසු දින ඇය නැවත නිවෙසට පැමිණ පියා ගැන සෝදිසි කළද පියා ගැන කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් පොලිසියට පැමිණිලි කර තබුන බවයි පොලිසිය පවසා සිටියේ.
ඒ අනුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඇය සමඟ නිවෙසට පැමිණ දොරගුලු කඩා ඊට ඇතුළු වී කළ පරීක්ෂාවේදී මුළුතැන්ගෙයි ගෙල කපාගෙන මියගොස් සිටි පියාගේ සිරුර හමුවී තිබෙනවා. පොලිසිය පවසන්නේ දින කිහිපයකට පෙර මෙම මරණය සිදුව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ සියදිවි හානි කර ගනිමින් සිදුවූ මරණයක් බවයි පොලිසිය සදහන්කර සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |