මැති ඇමැතිවරුන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න පොල්ලක්.

Sri Lanka Politician
By Wayomi Nov 12, 2022 08:56 AM GMT
Report

මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙනවා.

ඉන් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මැති ඇමැතිවරුන් හැත්තෑ දෙදෙනකුගේ අය නොවී පවතින ශේෂය බවද එහි දැක්වෙනවා.

එමෙන්ම සමුළු නිවාස සහ කැප්පිටිපොල නිවාස ලබාගත් 97 දෙනකුගෙන් රුපියල් පනස් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වෙනි දිනට අය විය යුතුව තිබූ බව විගණන අංශ සඳහන් කරන්නේ.

ඉන් ජයවඩනගම නිවාසවල පදිංචිව සිටි විසිහතර දෙනකුගෙන් 2021 වර්ෂයේ දී අය විය යුතුව තිබූ මුදල රුපියල් කෝටියකට ආසන්නයි.

2012 වර්ෂයට පෙර සිට 2020 වර්ෂය දක්වා විසි එක් දෙනෙකුගේ ණය නොවී පවතින ශේෂය රුපියල් අසූ අට ලක්ෂයක් වෙනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 2021 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගනණ වාර්තාවේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW