රිය අනතුරකින් මිය ගිය තරුණ නළුවාගේ සුරූපී පෙම්වතිය තැබූ සංවේදී සටහන..දෙන්න කරන්න හිටපු දේ ගැනත් කියයි.(PHOTOS)
"මම ඇතුළතින් මැරිලා..."
රිය අනතුරකින් මිය ගිය ඉන්දීය නළුවෙකු වන දීප් සිද්දුගේ පෙම්වතිය දීප්ගේ මරණයෙන් පසු පළමු වතාවට සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තම පෙම්වතා ගැන අදහස් යාවත්කාලීන කොට තිබෙනවා.
ඔහුගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනී රීනා රායි නැමැති සුරූපී යුවතියයි.
ඇය ඔහුගේ මරණයෙන් පසු පළමු සටහන බෙදාගෙන තිබුණේ මේ අයුරිනුයි.
“මම බිඳිලා... මම ඇතුළතින් මැරිලා... කිසිම ජීවිත කාලයකදී මාව දාලා යන්නේ නැති බවට ඔබ මට පොරොන්දු වුණා.
ඒ නිසා කරුණාකරලා ඔබේ ආත්ම සහකරු වෙත ආපසු එන්න...
මම ඔබට ආදරෙයි...මගේ පණ, මගේ ආත්මය ඔබයි. මගේ හද ගැස්ම ඔබයි...
අද මම රෝහල් ඇඳේ වැතිර සිටින විට ඔබ පැමිණ රහසින් මම මගේ පණට ආදරෙයි කියලා කියන හැටි ඇහෙනවා...
මම දන්නවා ඔබ මා සමඟ සදහටම සිටින බව... අපි අපේ අනාගතය සැලසුම් කරමින් සිටියා..
ඒත් දැන් ඔබ නෑ... ආත්ම සහකරුවන් එකිනෙකාව අත් හරින්නෙ නෑ...
මට දැනෙනවා ඔබ මගේ අනෙක් පසින් සිටින බව...!" ඇය එම සටහන සමග ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්ද බෙදාගෙන තිබුණා.
පීටීඅයි වාර්තාවකට අනුව, සිද්ධිය සිදු වන විට දීප් දිල්ලි සිට පන්ජාබ් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.
ඔහුගේ සුදු පැහැති SUV රථය ට්‍රක් රථයක ගැටීමෙන් පසු රියදුරුගේ පැත්තට දැඩි ලෙස හානි වී ඇති බව දර්ශනවල දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |