රුසියානු ජනපතිගෙන් දැඩි තීරණයක්..! යුක්රේන් වැසියන්ට මොකද වෙන්නේ..? යුක්රේනයේ සිටින ලාංකිකයන්ටත් පණිවිඩයක්..
නැගෙනහිර යුක්රේනයේ ඩාන්යෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ නිදහස් රාජ්‍යයන් ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළ තත්ත්වයට බලපෑමක් එල්ල වී ඇති විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
මෙම සිද්ධියත් සමඟ ගෝලීය වශයෙන් කොටස් වෙළඳපොළ කඩා වැටීමට ලක්වී ඇති අතර ලෝක ඛනිජ තෙල් මිල ද අනිවාර්යෙන් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශ දෙකක් නිදහස් රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එහි හමුදා කඳවුරු පිහිටුවීමට රුසියාවට බලය පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම රුසියාවේ මෙම ක්‍රියාව ලෝක නායකයින් රැසක් හෙළා දැක තිබෙනවා.
මේ අතර, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙසත්, විදේශ අමාත්‍යාංශය යුක්‍රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය මේ බව ප්‍රකාශ කර සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය යුක්‍රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවය.
ඒ අනුව යුක්‍රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවද අදාළ නිවේදනයෙන් විදේශ අමාත්‍යංශය පවසා ඇත.
ශ්‍රී ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හය දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි සිසුන් අට දෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වයි.
දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයින්ට එම නිවේදනය මගින් උපදෙස් ලබා දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |