දෙසැම්බර් 8 ආණ්ඩුව වට්ටයිද? ජයසුමනගෙන් අනාවැකියක්.
ලබන දෙසැම්බර් මස 8 වෙනිදා අයවැය ලේඛනය පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවැකි පළ කරනවා.
ඊයේ(28) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ කියා සිටියා.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අයවැය ලේඛනය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදීද ඒ ආකාරයටම කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, එසේ සිදු වුවහොත් අයවැය පරාජයට පත්වී ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා බල කෙරෙන අවස්ථාවක් නිර්මාණය විය හැකි බවයි.
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇමැති ධුර මෙන්ම තම පවුල්වල පවුල්වල සාමාජිකයන්ට සහ හිතවතුන්ට ආණ්ඩුකාර ධූර ලබා ගැනීමට මේ දිනවල අරගල කරමින් සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයිද ඔහු කීවේය.
ආණ්ඩුවට දැනට ඇත්තේ මන්ත්‍රීවරුන් 8ත් 12ත් අතර බහුතරයක් පමණක් බව පැවසූ චන්න ජයසුමන මහතා ආණ්ඩුවේ සුළු කොටසක් හෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහොත් නියත වශයෙන්ම අයවැය පරාජයට පත්වන බවද ඔහු ප්‍රකාශ කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |