ප්‍රවේශමෙන්. බබා වැන්ගා ඇතුළු ජෝතිෂ්‍යවේදීන්ගේ 2023 අනාවැකිය හරියයිද? මේ දෙසැම්බර් 26ත් 2004 වගේලු !(VIDEO)

Tsunami Astrology Accident
By Wayomi Dec 22, 2023 06:57 PM GMT
Report

දෙසැම්බර් 26 කියන්නේ 2004ට කලින් හිටපු අයට නම් ජීවිතයටවත් අමතක නොවන දවසක්.

ජීවිත රැසක් අහිමි කරමින් දේපල රැසකට හානි කරමින් 2004 දෙසැම්බර් 26දා ශ්‍රී ලංකාව වගේම මුළු මහත් ලෝකයම රුදුරු සුනාමි රකුසට බිලි වුණා.

ඉතින් ඒ දෙසැම්බර් 26 වගේම 2023 දෙසැම්බර් 26 ගැනත් බොහෝ දෙනෙක් විවිධ අනතුරු ඇඟවීම් සිදු කරනවා.

මොකද එදා මෙන්ම මෙදා පාරත් පවතින ග්‍රහ තත්ත්වය මත ජෝතිශ්‍යව්දින් පවා තවත් ව්‍යසනයක පෙර නිමිති කියාපානවා.

ඒ , සම්බන්ධයෙන් වෙබ් අඩවි රැසක්ම සටහන් කර තිබුණේ මෙලෙසින්,

" 2004 දෙසැම්බර් 26දා උඳුවප් පසළොස්වක පොහෝ දිනයදා මෙරට මුහුණ පෑ සුනාමි ව්‍යසනයෙන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ අතර එදින සඳු ග්‍රහයා ලංකා කේන්දරයේ මිථුන රාශියේ මුවසිරස නැකැතේ ගමන් කරමින් සිටි දිනයක් විය.

එම නැකැත හිමි කුජ ග්‍රහයා සිකුරු, බුධ සහ ප්ලූටෝ යන ග්‍රහයන් සමඟ යෝගව දහවැනි භාවයේ ගෝචර වී සිටියේය.

කේතු ග්‍රහයා කුජගේ නැකැතක ගමන් කරමින් සිටියේය.

එදා තිබූ ඉහත කී ග්‍රහ පිහිටීම්වලට සාපේක්ෂව බලන විට මෙම 2023 වර්ෂයේ දෙසැම්බර් 26දාද උඳුවප් පුරපසොළොස්වක දිනයක් වීම විශේෂයෙන් කැපී පෙනේ.

එසේම එදින පවතින්නේ විෂ්ටිකරණයයි.

සඳු ග්‍රහයා එදා මෙන්ම ලංකා කේන්දරයෙහි මිථුන රාශියේ මුවසිරස නැකැතේ ගමන් කරයි.

කේතු ග්‍රහයා කුජට අයත් නැකැතක් වන සිත නැකැතේ ගමන් කරයි. කුජ සහ සිකුරු වෘශ්චික රාශියේ ගමන් කරයි.

මාස තුනකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ඇදහැලෙන වැස්ස මේ වන විටත් නැවතී නැත.

මධ්‍යම කඳුකරයේ කඳු කඩා වැටීම් නිතර වාර්තා වෙයි.

ලෝකයේ වෙනත් රටවලින්ද භූමිකම්පා වාර්තා වන තත්ත්වයක් පවතින බව සැලකිය යුතුවෙයි.

2004 වර්ෂයට සමානකම් කිව හැකි පරිද්දෙන් මෙම දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය පිළිබඳව අපගේ අවධානය යොමු වීම වටී.

(උපුටා ගැනීම - hiru gossip ) "

ඇතැමෙක් මෙම කරුණු පිළිගන්න පුළුවන්, තවකෙක් නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොමවුණත් මේ වන විට සිදුවන කාලගුණික, දේශගුණික විපර්යාසයන් වලින් සිදුවන ව්‍යසන වලට මුළුමහත් ලෝකයම මුහුණ දෙමින් සිටිනවා.

දවස ගානේ ලෝකයේ තැනින් තැන සිදු වන භූකම්පන, මීට පෙර සිදු නොවූ පරිදි අයිස්ලන්තයේ පවා සිදුවන ගිනි කඳු පිපිරීම්, ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා සිදු වන ගංවතුර තත්වයන්, නායයෑම් තවත් දරුණු ව්‍යසනයක පෙර නිමිති විය හැකියි.

ලෝකය මොන අතට පෙරලුනත් තව කෙනෙකුට ගිනිගෙඩි නොදී පාපකාරී ක්‍රියාවන්ගෙන් මිදී ධාර්මිකව යහපත් දිවිපෙවෙතක් ගත කරන්න. බොහෝ විට මෙවැනි කාල විපත්වලින් අත්මිදීමට කොතැනකදී හෝ ඔබට වාසනාව උදා වේවි.