පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

Parliament of Sri Lanka Sri Lanka
By Sithumi Jul 01, 2023 02:39 PM GMT
Report

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව  සම්මත කර ගැණුනි.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමි වීමෙන් සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවය.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින්, ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලුම අවසර, මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබාදීම සඳහා වන යෝජනාව ලෙස අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

විවාදය අද පෙරවරුවේ සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වුණි. ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවය.