දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට අනුමැතිය හිමිවෙයි..

Parliament of Sri Lanka Sri Lanka Harsha de Silva
By Sewvandhi Jun 30, 2023 12:18 PM GMT
Report

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ,දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සඳහා අනුමැතිය හිමිවී තිබේ.

අද (30) එහි සාමාජික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ දෙවන දිනටත් සලකා බැලූ එම යෝජනා සඳහා කාරක සභාවේ අනුමැතිය ලබාදුන් බවය.

අද(30) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

මුදල් කාරක සභාව ඊයේ (29) දිනයේද රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූලික යෝජනාවක් කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි.

අද දිනයේ ඊට අදාළ නිල යෝජනාව මුදල් කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබුණි.

මුදල් කාරක සභාවේ අනුමැතියෙන් පසු හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.