දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Cabinet
By Sithumi Jun 28, 2023 12:44 PM GMT
Report

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට හිමිව තිබේ.

අද (28) පස්වරුවේ අදාළ යෝජනා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි. එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තුවේදී රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතය.