ළිඳකින් මාස හතක බිළිඳෙකුගේ සහ මවකගේ සිරුරු හමු වූ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 14, 2022 08:36 AM GMT
Report

යාපනය - මිරුසවිල් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තීබී මාස 07 ක බිළිඳකුගේ සහ මවකගේ සිරුරු සොයාගෙන ඇත.

කාන්තාවගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරයි.

එම නිවසේ කිසියම් පවුල් ආරවුලක් පසුගිය දිනයන්හි සිදුව ඇති අතර  පසුව මොවුන් නිවසේ නොසිටීම මත ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර ඇත.

ඉන් අනතුරුව පොලිසිය විසින් මව සහ බිලිඳාගේ මළ සිරුරු ගෙවත්තේ ළිඳ තුළ තිබියදී සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මිරුසවිල් දකුණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ බිළිඳාය.

පසුව චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී.