සරසවි සිසුවෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka
By krishani Dec 18, 2022 05:57 AM GMT
Report

වීරවිල වැවේ සොරොව්ව අසල දිය නෑමට ගිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇත.

එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 30 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පිහිටි තවත් සිසුවෙකුගේ නිසකට ගොස් යළි පැමිණෙමින් සිටින අතරවාරයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී අදාළ සිසුවා දියේ ගිලී ඇත්තේ.

ඊයේ (17) රාත්‍රියේදී සිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ බදුල්ල දෙමටවැල්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකු ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join