සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුරක් අසලින් ඔහුගේ දරු දෙදෙනාගේ ද සිරුරු හමු වූ ත්‍රිපුද්ගල මරණයක්.

Sri Lanka Police
By krishani Feb 06, 2023 03:46 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අරණායක - පොළඹේගොඩ ප්‍රදේශයෙන් ත්‍රිපුද්ගල මරණයක් වාර්තා වේ.

ප්‍රදේශයේ පිහිටි අම්බලමක තිබී සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුරක් පොලිසියට ලද තොරතුරකට අනුව සොයා ගැනිණ.

ඒ අසලම තිබී ජීවිතක්ෂයට පත්ව සිටි මියගිය පුද්ගලයාගේ යැයි පොලිසිය සැක කෙරෙන දරුවන් දෙදෙනාගේ ද සිරුරු සොයා ගෙන ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 2 හා 9 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join