මවගේ නොසැලකිල්ල නිසා මාස තුනක බිළිඳියක් අවාසනාවන්ත ලෙස මිය යයි.
මුල්ලේරියාව - අඹතලේ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ මාස තුනක් වයසැති බිළිඳියක් පිලිස්සී මිය ගොස් ඇත.
එම නිවස ආසන්නයේ නිවසක සිදු වූ සිදුවීමක් බැලීමට බිළිඳියගේ මව පිටව ගිස් ඇත.බිළිඳිය සිටි කාමරයේ ජලය උණු කිරීමට හීටරයක් විදුලියට සවි කර තිබ ඇත.
එමෙන්ම මෙම නිවසට අනවසර විදුලි රැහැනක් මගින් විදුලිය අනාරක්ෂිත ලෙස ලබා ගෙන ඇති අතර හීටරය විසන්ධි කිරීමකින් තොරව බිළිඳියගේ මව නිවසින් බැහැරට ගොස් ඇති අවස්ථාවේ හීටරය ගිනි ගෙන ඉන් කාන්දු වූ ජලය බිළිඳිය නිදා සිටි මෙට්ටයේ පැතිර යාමෙන් බිළිඳිය පිළිස්සෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
ඇති වූ ගින්න සම්බන්ධව නිවෙසේ සිටි බිළිඳියගේ වැඩිමහළු සහෝදරිය විසින් මව දැනුවත් කොට ඇති නමුත් ඒ වන විට තෙමස් වියැති බිළිදිය පිළිස්සී මිය ගොස් සිට ඇත.
මියගිය ගිය බිළිදියගේ පියා මත්ද්‍රව්‍ය චෝදනා මත මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අයෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |