දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක් - 07ක් ජිවිතක්ෂයට..

Crime
By krishani Jan 28, 2023 02:58 AM GMT
Report

නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක් තුළ දී ඊශ්‍රායල ජාතිකයින් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගී වී පිටව යමින් සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කරගෙන ය.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

ඔහු පලස්තීන ජාතික ත්‍රස්ථවාදියෙකු වන අතර පලස්තීන සටන්කාමින් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාර ගෙන නොමැත.

මෙම ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ දී ඔවුන් විසින් සැමරුම් උත්සවයක් පවත්වා ඇති බව විදෙස් වාර්තා කළේ ය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join