පාසල් සිසුවෙක් ගෙල වැළලාගෙන මිය යයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Jun 09, 2023 07:57 AM GMT
Report

ඊයේ (08) නුවරඑළිය ලබුකැලේ ප්‍රදේශයේ දී පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

ඔහු 14 හැවිරිදි ලබුකැලේ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් වේ.

ඊයේ දහවල් සිය නිවෙසේ දී එම සිසුවා ගෙල වැලලාගෙන තිබෙන අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව රෝහලේ දී ඔහු මියගොස් ඇති අතර ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join