පිහි පහරකින් පොලිස් නිළධාරියෙකු ජිවිතක්ෂයට - තවත් නිළධාරියෙකු රෝහල්ගත කරයි..

Brazil
By krishani Nov 11, 2022 05:02 AM GMT
Report

බ්‍රසල්ස් නුවර පිහි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇත.

බ්‍රසල්ස් නෝර්ත් දුම්රිය ස්ථානය ආසන්නයේ දී ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද එම ස්ථානයේදීම වෙඩි වැදීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

ප්‍රහාරකයාගේ අරමුණ නොදන්නා නමුත් ත්‍රස්ත මර්දන නිලධාරීන් පවසන්නේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රහාරයට ලක්වීමට පෙර එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිට ඇත.