විදුලි සැර වැදි අවාසනාවන්ත ලෙස පුද්ගලයෙක් මිය යයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
හපුතලේ - කහගොල්ල වතු යායේ ගෝනමොටාව මාර්ගයේ අධි බලැති විදුළි කණුවක් ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත.
ඒ 119 අංකයට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් අනුවයි.
හපුතලේ පොලිස් නිලධාරින් විසින් අදාල මළ සිරුර සොයාගෙන ඇති අතර විදුලි සැර වැදීම හේතුවෙන් ඇති වූ පිළිස්සුම් තුවාල එම මෘත ශරීරයේ දක්නට ලැබේ.
විදුලි සැර වැදීමෙන් මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 63ක් වන කහගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මරණකරු කලක පටන් මානසික ආබාධයකින් පෙළුණු අයෙක් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |