නිවසක තාප්පයක් කඩා වැටෙයි - පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී සිදුවීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 22, 2022 03:12 AM GMT
Report

ඊයේ (21) ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් වීදියේ නිවසක තාප්පයක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු තාප්පය කඩා වැටුණු නිවසට පැමිණ ඇත්තේ එහි පදිංචිව සිටින වයස්ගත පුද්ගලයෙකුට උපස්ථාන කිරීම සඳහාය.

රාත්‍රී කාලයේ නිවසින් පිටත පිහිටි වැසිකිළිය වෙත ගොස් සිටියදී නිවසේ ආරක්ෂාවට ඉදිකර තිබූ මායිම් තාප්පය කඩා වැටී ඇත.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී තාප්පයට යටවී සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

එහිදී ඔහු මරණයට පත්ව ඇති අතර මෘත ශරීරය එම රෝහලේම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.